Tuesday, March 30, 2021

හෝර්ටන් තැන්න - Horton Plains

හෝර්ටන් තැන්න ගැන නම් ගොඩක් දෙනෙක් දන්නවා. ලංකාවෙ වගේම ලෝකෙ ගොඩක් දෙනෙක්ගෙ ආකර්ෂණය දිනාගත්ත ලංකාවෙ තියෙන සුන්දර තැනක් තමයි හෝර්ටන් තැන්න...

මහ එළිය එහෙමත් නැත්නම් හෝර්ටන් තැන්න ලංකාවෙ තියෙන වනෝද්‍යාන අතර සුවිශේෂීම තැනක් කීවොත් හරි. හෝර්ටන් තැන්න පිහිටල තියෙන්නෙ නුවර එළිය දිස්ත්‍රික්කයෙ. මේක තමයි ලංකාවෙ තෙත් කලාපයේ තියෙන එකම ජාතික වනෝද්‍යානය. හෝර්ටන් තැන්න ගැන කතා කරන කොට අපිට දැකගන්න පුළුවන් ලස්සන වගේම ජෛව විවිධත්වයෙන් අනූන තැනක් කියන එකත් නොකියා බෑ. 

හෝර්ටන් තැන්න කියන්නෙ ලංකාවෙ උසම තැනිතලා භූමිය. මේක පිහිටල තියෙන්නෙ මුහුදු මට්ටමේ ඉදල මීටර් 1200 - 2300 අතර උසක. හෝර්ටන් තැන්නෙ දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ රාශියක්ම හමුවෙලා තියෙනව. ඒ අතරින් බහුතරයක් ලංකාවට වගේම හෝර්ටන් තැන්නටම ආවේනික ශාක හා සත්ත්ව විශේෂ. 


හෝර්ටන් තැන්නෙ යනකොට එක පාරට කාලගුණේ වෙනස් උනොත් පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද හෝර්ටන් තැන්නෙ කාලගුණේ ක්ෂණිකව වෙනස් වෙනව. සමහර කාල වලට මල් තුහිනත් වැටෙනව.
හෝර්ටන් තැන්නෙ යන අය බලන්න යන තවත් තැනක් තමයි ලෝකාන්තය මෙතන නම් දැඩි ප්‍රපාතයක් තියෙන්නෙ. සුන්දරත්වය වගේම තමයි අවධානමත්. චායාරූප එහෙම ගන්නකොට පරිස්සමින්. ලෝකාන්තයට වැටුනොත් නතර වෙන්න‌ෙ බලංගොඩින් කියල තමයි කියන්නෙ.

ලෝකාන්තය

හෝර්ටන් තැන්න බලන්න යනවනම් බලන්න පුළුවන් තවත් ලස්සන තැනක් තමයි බේකර්ස් ඇල්ල. ඇල්ල නම් ගොඩක් උස නෑ. ඒත් අපූරු සුන්දරත්වයක් තියෙනව. මේ ඇල්ල සොයාගත්තෙ සැමුවෙල් බේකර්ස් නිසා මේ ඇල්ල බේකර්ස් ඇල්ල කියල නම් කරල තියෙනව. 

බේකර්ස් ඇල්ල

චිමිනි විලත් මේ ගමනෙදි හමුවෙන අපූරු තැනක්.

චිමිනි විල

නුවරඑළියේ සිට කිලෝමීටර් 32ක දුරකින් හෝර්ටන් තැන්න පිහිටා තියෙනවා. හෝර්ටන් තැන්නට එන්න මාර්ග කිහිපයක් තියෙනවා. අඹේවෙල පට්ටිපොල හරහා, ලිඳුල ආගරපතන හරහා මෙන්ම ඔහිය හරහාද හෝර්ටන් තැන්නට එන්න පුළුවන්. හෝර්ටන් තැන්න පිවිසුම දක්වා වාහනයකින් ගමන් කළ හැකිවුනත් වනෝද්‍යානය තුළ පයින්ම ගමන් කිරීමට සිදුවෙනවා.

ඔබ හෝර්ටන් තැන්නට යනව නම් ප්ලාස්ටික්, පොලිතින් අරන් යන්න දෙන්නෙ නෑ. පරිසරයට ආදරයක් නැත්නම් මේ වගේ තැන් වල සංචාරය කරන්නත් එපා. ඔබ දමන පුංචි ටොපි කොලයක් උනත් මේ වගේ සංවේදී පරිසර පද්ධතියකට ලොකු තර්ජනයක්. ඒක නිසා යන්න කලින් තමන් අරගෙන යන දෙයින් පරිසරයට හානියක් නොකරන්න වග බලාගන්න. ලෝක උරුමයක් ලංකාවට වගේම ලෝකෙට ඉතුරු කරන්න....

- අමල් පෙරේරා

Thursday, March 25, 2021

රිවස්ටන් - Riverston


ලංකාවෙ සංචාරය කරන්න යන අයට යන්න පුළුවන් ලස්සනම තැනක් තමයි රිවස්ටන් කියන්නෙ. ලංකාවෙ සංචාරක ආකර්ෂණය දිනාගත්ත තැන් අතරින් සුන්දර පරිසරයකින් යුක්ත දෙස් විදෙස් ආකර්ෂණ්‍ය දිනා ගත්ත තැනක්. අද විස්තරය ඒ ගැන....

රිවස්ටන් පිහිටල තියෙන්නෙ මාතලේ දිස්ත්‍රික්කයේ නකල්ස් කදුවැට්ය ආශිතව. මේ ස්ථානය සංචාරක ආකර්ෂණය දිනා ගන්න ප්‍රධානම හේතුව තමයි මෙතන තියෙන සුන්දරත්වය. කදු මුදුනට යනකොට පිහිටල තියන්නෙ දුරකථන කුළුණු දෙකක්. ඒ උනාට කදු මුදුනට ගියාම දකින්න පුළුවන් දර්ශනේ නම් සුන්දරයි. වටෙන් ම පේන නකල්ස් කදුවැටියයි ඈතින් පේන පතන සහ අනෙක් ගම්මාන වල දර්ශනේ සුන්දරයි. හැබැයි මේ දර්ශනේ හැමදාම දකින්න නම් වෙන්නෑ. මොකද මෙතන නිතරම මීදුමෙන් වැහිල තියෙන්නෙ. ඒ වගේම රිවස්ටන් යන අයට තවත් සුන්දර අත්දැකීමක් තමයි මෙතන තියෙන සුළං කපොල්ල. මේක හදුන්වන්නෙ බටඅඩුව සුළං කපොල්ල කියල.


රිවස්ටන්  යන කෙනෙකුට දුම්බර මිටියාවත පහසුවෙන්ම දැක ගන්න පුළුවන්. ඒ වගේම පිටවල පතන බලන්න යන්නත් පුළුවන්. පිටවල පතනට රිවස්ටන් ඉදල කි.මී. 7 ක් විතර තියෙනවා. එතනදි අපට පුංචි ලෝකාන්තය දැකගන්න පුළුවන්.  ඒ වගේම රිවස්ටන් යන අයට දියඇලි කිහිපයකුත් දැක ගන්න පුළුවන්. සේර ඇල්ල ඒ අතරින් එකක්. ලංකාවෙ තියෙන පළල ම දියඇලි අතරින් එකක් තමයි සේර ඇල්ල. 
සේර ඇල්ල

ඒ වගේම බඹරකීරි ඇල්ල සහ දූවිලි ඇල්ලත් රිවස්ටන් ගියොත් බලාගන්න පුළුවන්. මේ ගමනෙදි සෙම්බුවත්තටත් යන්න පුළුවන්
Babarakiri Ella
බඹරකීරි ඇල්ල
Duwili Ella
දූවිලි ඇල්ල

ඒ වගේම වස්ගමුව ජාතික වනෝද්‍යානය, මොරගහකන්ද ජලාශය වගේ තැන් බලන්න යන්නත් පුළුවන්.

රිවස්ටන් වලට එන්න පුලවන් මාර්ග කිහිපයක්ම තියෙනවා 
  • මාතලේ නගරයෙන් පිටත්ව නාඋල, ඇළහැර හරහා ලග්ගල පල්ලේගම - කි.මී. 86
  • මාතලේ නගරයෙන් පිටත්ව රත්තොට රිවස්ටන් හරහා ලග්ගල පල්ලේම - කි.මී.45
  • දඹුල්ල නගරයෙන් පිටත්ව බකමූන හරහා ලග්ගල පල්ලේගම - කි.මී. 52
  • මහනුවර සිට දහඅට වංගුව පාර හරහා හසළක, හෙට්ටිපොළ ලග්ගල පල්ලේගම -කි.මි. 110.. .
  • මහනුවරට එන අයෙකුට කටුගස්තොට පසුකර වත්තේගම හරහා ඇල්කඩුවට ආවොත් "සෙම්බුවත්ත" ට ළඟාවෙන්න පුළුවන්, 
  • මාතලේ සිට පැමිණෙන අයෙකුට උකුවෙල හරහා ඇල්කඩුවට ආවොත් මෙහි සංචාරය කරන්න පුළුවන්.
ඇවිත් පරිසරේ සුන්දරත්වය විදින්න හොදම තැනක් තමයි රිවස්ටන් කියන්නෙ. සංචාරය කරන්න ආවට සුන්දර පරිසරයට හානි වන කිසි දෙයක් කරන්න එපා. පරිසරයේ සුන්දරත්වය විදලා ඒ සුන්දරත්වය අනිත් අයටත් විදින්න ඉඩ තියල යන්න.

- අමල් පෙරේරා

Saturday, March 20, 2021

සීගිරිය - Sigiriya

ලංකාවෙ සංචාරය කරන්න පුළුවන් ‌‌‌‌‌‌එ‌ෙතිහාසික ස්ථාන අතරින් වැදගත් තැනක් විදිහට සීගිරිය සලකන්න පුළුවන්.. මේ ඒ ගැන පොඩි විස්තරයක්...


සීගිරිය එහෙමත් නැත්නම් සිංහගිරි කියන්න‌ෙ ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිඹිස්ස ගම ආශ්‍රිතව තියෙන පැරණි බලකොටුවක්. ඓතිහාසික හා පුරාවිද්යාත්මක වැදගත්කමකින් යුතු ස්ථානයක් වන මෙය මීටර් 200 ක (අඩි 660) පමණ උසකින් යුත් පර්වතයක්.


සීගිරිය
සීගිරිිය එ‌ෙතිහාසික අතින් වගේම තවත් දේවල් රාශීයක් නිසා වැදගත් වෙනවා.

බිතු සිතුවම්
කුරුටු ගී
වාරි තාක්ෂණය 

වගේ දේවල් නිසාත් සීගිරියට වැදගත්කමක් ලැබිල තියෙනව..




උතුරට නෙරා යන මහා පව්ව පාමුල අතිශය ප්‍රතාපවත් ව සිටින සිංහරාජයෙකුගේ විලාසෙන් නිමවා තියෙන නිසා මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳුණ කියල තමයි සදහන් වෙන්නෙ. සිංහරාජයා සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟිමක් දැනවුවත් සිංහරූපය දැකීමෙන් එහි ගිය පැරැන්නන් තරම්ම නුතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයන් ද, වශීකෘත වු බව 1898 දී ඒච්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කරල තියෙනව. දැනට ශේෂව තියෙන්නෙ සිංහයාගේ බාහු යුගලය පමණක් වුනත් කෙනකු තුළ ප්‍රතාපය හා බලය පිළිබද අපුරු හැඟිමක් දැන වීමට ප්‍රමාණවත්.



සීගිරිය කාශ්‍යප රජතුමා තමන්ගෙ බලකොටුව විදිහට භාවිත කරල තියෙනව. මුගලන් කුමාරයාගෙන් රාජ්‍යත්වයට එල්ල වුණ අභියෝග නිසා කාශ්‍යප රජතුමා සීගිරිය බලකොටුව කරගත්ත බව ඉතිහාසයේ සදහන් වෙනව. කාශ්‍යප රජතුමා ක්‍රි.පූ.5 වන සියවසේ ඉදිකරල තියෙනව කියල සදහන් වෙන සීගිරියෙ දියුණු තාක්ෂණය පුදුම සහගතයි. උද්‍යාන, ජල මල්, වාස්තු විද්‍යාත්මක සැලැස්ම, දිය අගල්, අංග සම්පූර්ණ මාලිගාව එම කාලයේ දියුණුව මනාව කියාපානවා.



ඒ වගේම සීගිරි බිතු සිතුවම් ලෝක ප්‍රසිද්ධයි. මේ චිත්‍ර වලින් නිරූපණය වෙන්නෙ පිදුරංගල විහාරයට යන කුමාරියන් කියල තමයි සදහන් වෙන්නෙ. මේ චිත්‍ර දියුණු තාක්ෂණික ක්‍රම යොදාගෙන නිර්මාණය කරල තියෙනව. තෙත බදාම මත චිත්‍ර ඇදල තියෙන නිසා තාමත් ඒ චිත්‍ර නොනැසී තියෙනව. මේ චිත්‍ර අතර සුදු පැහැති ස්ත්‍රීන් විජ්ජුලතා කියලත් කලු ස්ත්‍රීන් මේඝලතා කියල හදුන්වනව. ඒ මගින් විදුලිය හා වලාකුළු නිරූපණය වෙනව කියල මත පල වෙලා තියෙනව.


සීගිරි කුරුටු ගී කියන්නෙත් වැදගත්ම දෙයක්. කැටපත් පවුරෙ තමයි කුරුටු ගී තියෙන්නෙ. මේ කුරුටු ගී ලියල තියෙන්නෙ සීගිරිය බලන්න ආව පිරිස් කියල තමයි කියන්නෙ. මේ ගී වලින් බොහොමයක් ලියල තියෙන්නෙ 8, 9, හා 10 සියවස් වල  මේ ඒ් වගේ කුරුටු ගී කිහිපයක්,



            
                                   

පැඡින් පන් වැසි මෙයල්බතින් ගී

බෙයන්ද් හි රන් වනැන් අ (ස්ද්ව) ස් මියැහියෙජේ

මහනෙල් අත්හි ගත් මෙහිම බුයුත් නොබුයුයෙන්.


එළෙනෙ (ල) කුළි මැටියා ලී ගී

බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් (කීයී මි)

(බස)ක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී


කොමුල් අමඩ් ලෙඩ් ලිනසී

එ බොන්ද මියුර් යහ බැ සී

එ කපල් දල වන් දිගැ සී

    මන ජල්(ව)යි (සිත්) නොමු සී


මේ වගේ වැදගත්කම් රාශියක් තියෙන සීගිරිය ලාංකිකයෙක් අනිවාර්යයෙන්ම සංචාරය කළ යුතුයි. සංචාරය කරල විතරක්ම මදි. මේ වගේ තැන් ගැන අධ්‍යයනය කරන එකත් වැදගත්.

ඔය මොන දේ කලත් මේ වගේ ස්ථාන විනාශ කරන්න නම් එපා. ඔබේ දරුවන්ටත් මේ සම්පත් රැකගන්න....


- අමල් පෙරේරා


හෝර්ටන් තැන්න - Horton Plains

හෝර්ටන් තැන්න ගැන නම් ගොඩක් දෙනෙක් දන්නවා. ලංකාවෙ වගේම ලෝකෙ ගොඩක් දෙනෙක්ගෙ ආකර්ෂණය දිනාගත්ත ලංකාවෙ තියෙන සුන්දර තැනක් තමයි හෝර්ටන් තැන්න... ...