Thursday, March 25, 2021

රිවස්ටන් - Riverston


ලංකාවෙ සංචාරය කරන්න යන අයට යන්න පුළුවන් ලස්සනම තැනක් තමයි රිවස්ටන් කියන්නෙ. ලංකාවෙ සංචාරක ආකර්ෂණය දිනාගත්ත තැන් අතරින් සුන්දර පරිසරයකින් යුක්ත දෙස් විදෙස් ආකර්ෂණ්‍ය දිනා ගත්ත තැනක්. අද විස්තරය ඒ ගැන....

රිවස්ටන් පිහිටල තියෙන්නෙ මාතලේ දිස්ත්‍රික්කයේ නකල්ස් කදුවැට්ය ආශිතව. මේ ස්ථානය සංචාරක ආකර්ෂණය දිනා ගන්න ප්‍රධානම හේතුව තමයි මෙතන තියෙන සුන්දරත්වය. කදු මුදුනට යනකොට පිහිටල තියන්නෙ දුරකථන කුළුණු දෙකක්. ඒ උනාට කදු මුදුනට ගියාම දකින්න පුළුවන් දර්ශනේ නම් සුන්දරයි. වටෙන් ම පේන නකල්ස් කදුවැටියයි ඈතින් පේන පතන සහ අනෙක් ගම්මාන වල දර්ශනේ සුන්දරයි. හැබැයි මේ දර්ශනේ හැමදාම දකින්න නම් වෙන්නෑ. මොකද මෙතන නිතරම මීදුමෙන් වැහිල තියෙන්නෙ. ඒ වගේම රිවස්ටන් යන අයට තවත් සුන්දර අත්දැකීමක් තමයි මෙතන තියෙන සුළං කපොල්ල. මේක හදුන්වන්නෙ බටඅඩුව සුළං කපොල්ල කියල.


රිවස්ටන්  යන කෙනෙකුට දුම්බර මිටියාවත පහසුවෙන්ම දැක ගන්න පුළුවන්. ඒ වගේම පිටවල පතන බලන්න යන්නත් පුළුවන්. පිටවල පතනට රිවස්ටන් ඉදල කි.මී. 7 ක් විතර තියෙනවා. එතනදි අපට පුංචි ලෝකාන්තය දැකගන්න පුළුවන්.  ඒ වගේම රිවස්ටන් යන අයට දියඇලි කිහිපයකුත් දැක ගන්න පුළුවන්. සේර ඇල්ල ඒ අතරින් එකක්. ලංකාවෙ තියෙන පළල ම දියඇලි අතරින් එකක් තමයි සේර ඇල්ල. 
සේර ඇල්ල

ඒ වගේම බඹරකීරි ඇල්ල සහ දූවිලි ඇල්ලත් රිවස්ටන් ගියොත් බලාගන්න පුළුවන්. මේ ගමනෙදි සෙම්බුවත්තටත් යන්න පුළුවන්
Babarakiri Ella
බඹරකීරි ඇල්ල
Duwili Ella
දූවිලි ඇල්ල

ඒ වගේම වස්ගමුව ජාතික වනෝද්‍යානය, මොරගහකන්ද ජලාශය වගේ තැන් බලන්න යන්නත් පුළුවන්.

රිවස්ටන් වලට එන්න පුලවන් මාර්ග කිහිපයක්ම තියෙනවා 
  • මාතලේ නගරයෙන් පිටත්ව නාඋල, ඇළහැර හරහා ලග්ගල පල්ලේගම - කි.මී. 86
  • මාතලේ නගරයෙන් පිටත්ව රත්තොට රිවස්ටන් හරහා ලග්ගල පල්ලේම - කි.මී.45
  • දඹුල්ල නගරයෙන් පිටත්ව බකමූන හරහා ලග්ගල පල්ලේගම - කි.මී. 52
  • මහනුවර සිට දහඅට වංගුව පාර හරහා හසළක, හෙට්ටිපොළ ලග්ගල පල්ලේගම -කි.මි. 110.. .
  • මහනුවරට එන අයෙකුට කටුගස්තොට පසුකර වත්තේගම හරහා ඇල්කඩුවට ආවොත් "සෙම්බුවත්ත" ට ළඟාවෙන්න පුළුවන්, 
  • මාතලේ සිට පැමිණෙන අයෙකුට උකුවෙල හරහා ඇල්කඩුවට ආවොත් මෙහි සංචාරය කරන්න පුළුවන්.
ඇවිත් පරිසරේ සුන්දරත්වය විදින්න හොදම තැනක් තමයි රිවස්ටන් කියන්නෙ. සංචාරය කරන්න ආවට සුන්දර පරිසරයට හානි වන කිසි දෙයක් කරන්න එපා. පරිසරයේ සුන්දරත්වය විදලා ඒ සුන්දරත්වය අනිත් අයටත් විදින්න ඉඩ තියල යන්න.

- අමල් පෙරේරා

No comments:

Post a Comment

හෝර්ටන් තැන්න - Horton Plains

හෝර්ටන් තැන්න ගැන නම් ගොඩක් දෙනෙක් දන්නවා. ලංකාවෙ වගේම ලෝකෙ ගොඩක් දෙනෙක්ගෙ ආකර්ෂණය දිනාගත්ත ලංකාවෙ තියෙන සුන්දර තැනක් තමයි හෝර්ටන් තැන්න... ...