හෝර්ටන් තැන්න ගැන නම් ගොඩක් දෙනෙක් දන්නවා. ලංකාවෙ වගේම ලෝකෙ ගොඩක් දෙනෙක්ගෙ ආකර්ෂණය දිනාගත්ත ලංකාවෙ තියෙන සුන්දර තැනක් තමයි හෝර්ටන් තැන්න...
මහ එළිය එහෙමත් නැත්නම් හෝර්ටන් තැන්න ලංකාවෙ තියෙන වනෝද්‍යාන අතර සුවිශේෂීම තැනක් කීවොත් හරි. හෝර්ටන් තැන්න පිහිටල තියෙන්නෙ නුවර එළිය දිස්ත්‍රික්කයෙ. මේක තමයි ලංකාවෙ තෙත් කලාපයේ තියෙන එකම ජාතික වනෝද්‍යානය. හෝර්ටන් තැන්න ගැන කතා කරන කොට අපිට දැකගන්න පුළුවන් ලස්සන වගේම ජෛව විවිධත්වයෙන් අනූන තැනක් කියන එකත් නොකියා බෑ.
හෝර්ටන් තැන්න කියන්නෙ ලංකාවෙ උසම තැනිතලා භූමිය. මේක පිහිටල තියෙන්නෙ මුහුදු මට්ටමේ ඉදල මීටර් 1200 - 2300 අතර උසක. හෝර්ටන් තැන්නෙ දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ රාශියක්ම හමුවෙලා තියෙනව. ඒ අතරින් බහුතරයක් ලංකාවට වගේම හෝර්ටන් තැන්නටම ආවේනික ශාක හා සත්ත්ව විශේෂ.
හෝර්ටන් තැන්නෙ යනකොට එක පාරට කාලගුණේ වෙනස් උනොත් පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද හෝර්ටන් තැන්නෙ කාලගුණේ ක්ෂණිකව වෙනස් වෙනව. සමහර කාල වලට මල් තුහිනත් වැටෙනව.
හෝර්ටන් තැන්නෙ යන අය බලන්න යන තවත් තැනක් තමයි ලෝකාන්තය මෙතන නම් දැඩි ප්රපාතයක් තියෙන්නෙ. සුන්දරත්වය වගේම තමයි අවධානමත්. චායාරූප එහෙම ගන්නකොට පරිස්සමින්. ලෝකාන්තයට වැටුනොත් නතර වෙන්නෙ බලංගොඩින් කියල තමයි කියන්නෙ.
 |
ලෝකාන්තය |
හෝර්ටන් තැන්න බලන්න යනවනම් බලන්න පුළුවන් තවත් ලස්සන තැනක් තමයි බේකර්ස් ඇල්ල. ඇල්ල නම් ගොඩක් උස නෑ. ඒත් අපූරු සුන්දරත්වයක් තියෙනව. මේ ඇල්ල සොයාගත්තෙ සැමුවෙල් බේකර්ස් නිසා මේ ඇල්ල බේකර්ස් ඇල්ල කියල නම් කරල තියෙනව.
 |
බේකර්ස් ඇල්ල |
චිමිනි විලත් මේ ගමනෙදි හමුවෙන අපූරු තැනක්.
 |
චිමිනි විල |
නුවරඑළියේ සිට කිලෝමීටර් 32ක දුරකින් හෝර්ටන් තැන්න පිහිටා තියෙනවා. හෝර්ටන් තැන්නට එන්න මාර්ග කිහිපයක් තියෙනවා. අඹේවෙල පට්ටිපොල හරහා, ලිඳුල ආගරපතන හරහා මෙන්ම ඔහිය හරහාද හෝර්ටන් තැන්නට එන්න පුළුවන්. හෝර්ටන් තැන්න පිවිසුම දක්වා වාහනයකින් ගමන් කළ හැකිවුනත් වනෝද්‍යානය තුළ පයින්ම ගමන් කිරීමට සිදුවෙනවා.
ඔබ හෝර්ටන් තැන්නට යනව නම් ප්ලාස්ටික්, පොලිතින් අරන් යන්න දෙන්නෙ නෑ. පරිසරයට ආදරයක් නැත්නම් මේ වගේ තැන් වල සංචාරය කරන්නත් එපා. ඔබ දමන පුංචි ටොපි කොලයක් උනත් මේ වගේ සංවේදී පරිසර පද්ධතියකට ලොකු තර්ජනයක්. ඒක නිසා යන්න කලින් තමන් අරගෙන යන දෙයින් පරිසරයට හානියක් නොකරන්න වග බලාගන්න. ලෝක උරුමයක් ලංකාවට වගේම ලෝකෙට ඉතුරු කරන්න....
- අමල් පෙරේරා